2024 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 29600ක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
එම සංඛ්‍යා ලේඛන රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් ගත් සංඛ්‍යා ලේඛන බව ද හෙතෙම සඳහන් කළේය.
නි. ඇමතිරයා අද (27) පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.
කෙසේ වුව ද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේ එම අවස්ථාවන වන විට රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 33 000ක් (ට්‍රිලියන 33) බවයි.
දවසක පාර්ලිමේන්තුව කැඳවන්නට රු. මිලියන 11ක් වැය කළ ද අද පිළිතුරු ලැබුණු ප්රශ්නය යොමු කළේ ගිය අවුරුද්දේ බවත් හිටපු ඇමතිවරයා කීය.