අවුකන ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම වරදක් නම් දඬුවම් දෙනවා..! – විදුර…

November 27, 2023 at 5:28 pm | by emanisa.lk

අවුකන පිළිමයට සිවුරු ඇන්දවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

“වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රධානත්වයෙන් පූර්ණ පරීක්ෂණයක් කරනවා. අපි බලනවා මෙතනදි පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කරලා තියෙනවා ද කියලා. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කමිටුවේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. වරදක් කරලා තියෙනවා නම් දඬුවම් දිය යුතුයි කියන අදහසේ මමත් ඉන්නවා.”

යම් පුරාවස්තුවක් ඕනෑකමින් ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන, නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් ම පළුදු කරන යම් තැනැත්තෙකු පුරා විද්‍යා ආඥා පනත යටතේ මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු යමෙකු වරදකරු කරනු ලැබූ විට, රුපියල් 50,000කට නොවැඩි දඩයකට හෝ අවුරුදු 2කට නොඅඩු සහ අවුරුදු 5කට නොවැඩි බන්ධනාගාරගත කිරීමකට හෝ දඩය හෝ සිර දඬුවම යන දෙකට ම හෝ ඔහු යටත් විය යුතු බව පුරාවිද්‍යා ආඥා පනතෙහි සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *