ඉන්ධන මිල ඉහළ යාමත් සමග වහාම ක්රියාත්මක වන පරිදි බස් ගාස්තුව ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් පවසයි.
මෙම මිල වැඩි වීම හෙට (27) සිට ම සිදු කළ යුතු බවයි, ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
එහි දී පවතින බස් ගාස්තුව 35% – 40% අතර ප්රමාණයකින් වැඩිවිය යුතු බව අංජන ප්රියන්ජිත් ප්රකාශ කරයි.
ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තු මිල නව සංශෝධනයත් සමග රුපියල් 40ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.