වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාරගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ අද (16) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලීසිය ප්‍රකාශ කරයි.
අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබෙන අතර පොලීසිය පවසන්නේ, අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති බව පවසා නිවසට පොලිස් ආරක්ෂව ද ලබාගෙන තිබූ බවයි.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර වෙඩිකරුවන් වෙත පොලීසියෙන්ද වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පළා ගිය බව වාර්තා වේ.