යෝජිත සූදු නියාමන පනත් කෙටුම්පත යටතේ පාසල් ලොතරැයි, අවමංගල්‍ය අවස්ථාවල කාඩ් සෙල්ලලම් කිරීම, පන්සල්වල මල් වට්ටි වෙන්දේසි සහ සල්පිල් ද සූදුව යන නිර්වචනයට ඇතුළත් වන වන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පාර්ලිමේන්තුවේ දී මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
ඒවා සූදු ලෙස සැලකුව ද එම ක්‍රියාකාරකම් සඳහා බදු පැනවීමේ අදහසක් නොමැති බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා ඔට්ටු ඇල්ලීම ද එම සූදු යටතට වැටෙන බව ඔහු වැඩි දුරටත් කීය.