අලුත් බදු අංක හදන්න එපා..! හැඳුනුම්පත් අංකය TIN අංකය වෙයි…!

January 24, 2024 at 12:35 pm | by emanisa.lk

ජාතික හැඳුනුම්පත් අංකය පුද්ගලයකුගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙම ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආදායම පිළිබඳ පැහැදිලි දත්ත පද්ධතියක් නිර්මාණය වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින්ගේ ජීවදත්ත තොරතුරු පද්ධතිය උපයෝගී කරගනිමින් මෙම ක්‍රියවලිය සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතාවට වඩාත් පහසුවෙන් ටින් අංකයක් ලබාදීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *