අලුත් පාස්පෝර්ට් එයි.. සිංහල භාෂාව දෙකට වැටේ…!

October 22, 2024 at 5:02 pm | by emanisa.lk

නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විතයි.

නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූපවලින් සමන්විත වේ .

එමෙන්ම නව විදේශ ගමන් බල පත්‍රයේ P අංකය භාවිත කරන අතර මීට පෙර නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ පැවතියේ N අංකයයි.

සාමාන්‍යෙයන් විදේශ ගමන් බලපත්‍රවල පළමුව සිය රටේ රාජ්‍ය භාෂාව අනතුරුව ජාත්‍යන්තර භාෂාව ද සඳහන් වුව ද මෙහි පළමුව ජාත්‍යන්තර භාෂාව සඳහන්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *