අලුත් තල් සභාපති දූෂිතයෙක්… වහා නෙරපන්නැයි යාපනේ විරෝධතා…!

November 8, 2024 at 1:03 pm | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ඔක්තෝබර් 22 වෙනිදා තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපති ලෙස පත්කළ විනයගමුර්ති සහදේවන් දූෂිතයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ 6 දා යාපනයේදී විරෝධතාවක නිරත වූහ.

මෙයට පෙර තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස ඔක්තෝබර් 10 වෙනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි පත්කළ අතර නැවත දින කිහිපයකින් ඔහු වෙනුවට විනයගමුර්ති සහදේවන් පත් කළේය.

මෙලෙස දෙවනි වරට පත්කරන ලද තැනැත්තා දූෂිත පුද්ගලයකු මෙන්ම සමාජ විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අයකු බවට ද යාපනයේ තල් සංවර්ධන මණ්ඩලයේ සේවක සේවිකාවෝ චෝදනා කරති.

වහාම ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කළ යුතු බව කියමින් විරෝධාතාකරුවෝ ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට ද කටයුතු කළහ. දෙවනි වරට පත් කළ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *