අලුත් අවුරුදු ගනුදෙනු QR කේත හරහා සිදුකරන ගනුදෙනු බවට පරිවර්තනය කරගත හැකි නම් ප්‍රචාරක සැලැස්මක් තැනිය හැකි නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාව සමග එකතු වෙමිනි.
සිංහල අවුරුදු ගනුදෙනු සම්ප්‍රදාය අතීතයේ සිට පැවත ආවද එය තවමත් පැරණි කඩදාසි පොතේ සිට නව පද්ධති දක්වා පරිවර්තනය කර ගැනීමට අසමත්ව ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.
අවුරුද්දට බුලත් අතක් දෙන දරුවාට මෙන්ම කොට්ට පොර තරඟයෙන් ජයග්‍රහණය කළ තරුණයාටද මුදල් ත්‍යාග දෙන්නේ නම් මෙම QR ගෙවීම් ක්‍රමවේදය ක්ෂේත්‍ර කිහිපයකට සීමා වනු ඇති බවත් එය සංස්කෘතියක් බවට පත්කර ගැනීම නොහැකි වන බවත් ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.