අලි පටවන්න රිලව් අල්ලන්න ආණ්ඩුවට සල්ලි නෑ… ලාල්කාන්ත කී විදිහට වැඩ කරපල්ලා…! – රාජාංගනේ හාමුදුරුවෝ….

December 9, 2024 at 5:53 pm | by emanisa.lk

මේ රටේ රිලව් වඳුරු අලි කරදර නිසා ජනතාව විඳින දුක දන්නේ එම ප්‍රෙද්ශවල ජීවත් වන ජනතාව බව රාජාංගනයේ සද්ධාරතන හිමි පවසයි.

එම දුක ඇමති ලාල්කාන්ත හදවතින් කළ ප්‍රකාශය අල්ලා ගෙන බොරුවට කිඹුල් කඳුලු හෙළන සත්ව අවිහිංසාවාදීන් නොදන්නා බව ද එහිමියන් සඳහන් කරයි.

ගොවි ජනතාවගේ වගා බිම් වන සතුන් විනාශ කළ විට එම ගෙවල්වල දරුවන්ට කන්න කටක් දෙන්නට කඩේ ණය බේරන්නට එම පිරිස නොපැමිණෙන බව ද සද්ධාරතන හිමි පෙන්වා දෙයි.

මේ අවස්ථාවේ අලි අල්ලා පැටවීමට, රිලව්, වඳුරු රංචු ඇල්ලීමට ආණ්ඩුවට සල්ලි නොමැති බව දන්නා ඇමති ලාල්කාන්ත ජනතාවට මේ කරදරයෙන් පුළුවන් විදිහට බේරීමට උපදෙස් දී ඇතැයි ද එහිමියන් ප්‍රකාශ කරයි.

ලාල්කාන්තගේ ප්‍රකාශයේ කිසිදු වරදක් නැති බවත් එහෙයින් ජනතාව හැකි විදිහට වන සත්ව කරදරයෙන් නිදහස් විය යුතු බවත් රාජාංගනේ සද්ධාරතන හිමි අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *