අරුණ ජයසේකරට ගෙනා විශ්වාභංගය නිත්‍යානුකූලයි… එරෙහි වූ කතානායකටත් විශ්වාසභංගයක්…!

September 26, 2025 at 10:35 am | by emanisa.lk

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ඇතිවූ විවාදාත්මක තත්ත්වය මීට හේතු වී තිබේ.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 76(1) වගන්තියට අනුව, කථානායකවරයාට එකම කරුණක් සම්බන්ධයෙන් දෙවරක් නියෝග ලබා දීමට නොහැකි බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළ යුතු බවට නීතිපතිවරයා හෝ ලේකම් මණ්ඩලය විසින් ලබා දී ඇති වාර්තාවල සඳහන් නොවන බවත්, එම යෝජනාව ඉදිරියට ගෙන යාමට නීතිමය බාධාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේ ඒ බව සනාථ කරන වාර්තා ද සභාගත කරමිනි.

කථානායකවරයා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරගැනීම වෙනුවට පක්ෂග්‍රාහීව කටයුතු කරන නිසා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව නිසි අවස්ථාවේදී ඉදිරිපත් කරන බව අජිත් පී. පෙරේරා වැඩි දුරටත් කියා සිටියේය.

එසේම තමන් මීට පෙර කතානායකවරයා ළමයෙක් ලෙස හැසිරෙන බවට සිදුකළ ප්‍රකාශය ඔහු අද ද තහවුරු කළ බව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *