අරුණ් සිද්ධාර්තන් මව්බිම ජනතා පක්ෂයට…. නායක දිලිත්ගෙන් ලොකු තනතුරක්….!

June 22, 2024 at 2:57 pm | by emanisa.lk

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුණ් සිද්ධාර්තන් මව්බිම ජනතා පක්ෂයට එකතු වී තිබේ.

මීට මාස තුනකට පමණ පෙර ජනාධපති රනිල් වික්‍රමසිංහ විසින් අරුණ් සිද්ධාර්තන් එක්සත් ජාතික පක්ෂ යාපනය සංවිධායක ධූරයට පත් කළේය.

කෙසේ වුව ද ඒ අවස්ථාවේ උතුරේ කුළ පීඩිත ජනතාවට ජනාධිපතිවරයා ලබා දෙන බව ප්‍රකාශ කළ කිසිදු ආධාරයක් මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වෙයි.

අද මවබිම ජනතා පක්ෂ මූලස්ථානයට පැමිණි අරුණ් සිද්ධාර්තන් එහි නායක දිලිත් ජයවීර අතින් පක්ෂ සාමාජිකත්වය සහ එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ධූරය ලබා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *