මේ අර්බුදකාරී අවස්ථාවේ බෞද්ධ අබෞද්ධ සියලු ආගමික සිද්ධස්ථාන සතු මුදල්, රත්තරන් ඇතුළු ධනය රජයට පරිත්‍යාග කළ යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
එය මෙම අර්බුදයෙන් ගොඩ ඒමට යම් පිළිසරණක් වනු ඇතැයි ද එහිමියෝ අවධාරණය කරති.
කෙසේ වුව ද එය කිසියම් විනයානුකූල ආකාරයට විය යුතු බවත් නොඑසේ නම් එම ධනය ද දේශපාලකයින් කාබාසිනියා කර දමනු ඇති බවත් උන් වහන්සේ පැවසූහ.
සෝභිත හිමි පෙන්වා දුන්නේ, 2007 වසරේ තායිලන්තය මෙවැනි අර්බුදයකට මුහුණ පෑ අවස්ථාවේ එරට භික්ෂූන් වහන්සේලා තම විහාරස්ථාන සතු ධනය රජයට පරිත්‍යාග කරමින් රට නැවත ගොඩනැඟීමට එකතු වූ බවයි.