අර්ජුනගේ කමිටුව උසාවිය හකුළයි..! ෂම්මිලාට දිගට ම ක්‍රිකට් ගොඩදාන්න ඉඩ…!

November 7, 2023 at 2:59 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරු පාලක කමිටුවක් පත් කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දින 14ක කාලයකට බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය විසින් එම නියෝග නිකුත් කරනු ලැබීය.

අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

මේ අතර ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමැතිවරයාට පවසා ඇත්තේ අතුරු කමිටුව ඉවත් කර ගන්නා ලෙසත් එසේ නොකළහොත් අදාළ බලතල තමන් වෙත පවරා ගන්නා බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *