අරලියමැදුර ළඟ NoDealGamaත් හකුළයි..!

July 21, 2022 at 4:35 pm | by emanisa.lk

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ NoDealGama ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබේ.

මයිනගෝම යනුවෙන් පවත්වා ගෙන ගිය මෙම විරෝධතා භූමිය NoDealGama බවට පත්වූයේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්ව රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් වූ පසුය.

කෙසේ වුව ද රනිල් වික්‍රමසිංහ අද (21) විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට සමගාමීව NoDealGama ඉවත් කර ගෙන ඇත.

අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දින 06ක් තිස්සේ ක්‍රියාත්මක කළ උපවාසයක් ද ඊයේ අතහැර දැමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *