පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි වාර්තා වෙයි.
ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි මෙම නිවසට පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි. මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නොමැත.
රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට පහර දි අලාභානි සිදුකළ පුද්ගලයන් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය පුළුල් පරීක්ෂණ දියත් කර තිබේ.
ඒ අවට සවිකර ඇති සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනා ගැනීමට ද පොලිසිය කටයුතු යොදා ඇත