අරගල නායිකා දමිතාට විදෙස් ගමන් තහනම්.. අත්අඩංගුවට ගන්න රට පීරයි…!

April 3, 2024 at 4:31 pm | by emanisa.lk

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *