ගාලු මුවදොර අරගලයෙහි නායකයෙකු වන ධනීෂ් අලී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සමග එකම වේදිකාව සිටිනු දැකගත හැකිවිය.
ඒ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් සමන්විත නව ලංකා නිදහස් පක්ෂයේ ජනහමුවකි.
අරගල සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වී එහි නිලධාරීන්ට තර්ජනය කළේ ධනීෂ් අලීය. අනතුරුව ඔහු රටින් පළා යාමට උත්සාහ කිරීමේ දී ගුවන් යානයක දී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහි නඩුව තවමත් විභාග වෙයි.