අරගලයේ අභිලාෂයන් අරමුණු කරගත් වාමාංශික වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
වාමාංශික පුළුල් එකතුවකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ඊට අදාළ සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙන බවත් පළමුවෙන් පැවැත්වෙන මැතිවරණය කුමක් වුවත් එම මැතිවරණයට තම පක්ෂය තරග කරන බවත් හෙතෙම කීවේය.