කාලකන්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙණ ගහන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
“පුළුවන්නම් එන්න කියන්න මගේ ගෙදරට.මම තනියම ඉන්නවා. අරගලය කාලකණ්නි වැඩක් කිව්වම සමහරුන්ට රිදුණා. එහෙම රිදුනේ මේකට සම්බන්ධ අයටයි.
සාමකාමී අරගලකරුවන්ට ගෙවල් ගිනි තියන්න ඕන වුණේ නෑ. මිනිස්සු මරන්න රාජ්‍ය දේපළ විනාශ කරන්න අවශ්‍ය වුණෙත් නෑ. එහෙම උවමනාවක් තිබුනේ කාලකන්නින්ට විතරයි.
විපක්ෂයේ අය මිනිස්සු මරන්න උපදෙස් දුන්නා. ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ට විරුද්ධව පැමිණිලි රාශියක් ඉදිරිපත් වී තියෙනවා. තවම ඒවාට නඩු පවරා නැහැ. මේ ගැන හොයා බලන්න කියලා අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”