අරගලකරුන්ට ලැයිස්තු හදමින් පහර දෙනවා..! මැරයින්ට සජබ ආණ්ඩුවක් යටතේ දඬුවම් දෙනවා…! – සජිත්….

May 12, 2023 at 12:24 pm | by emanisa.lk

කෘරත්වය, මැරකම්, ජඩකම්වලින් පිරුණු ජන වරමක් නොමැති මේ ආණ්ඩුව තුළ මෙවැනි ම්ලේච්ඡ පහරදීම් සිදුවීම කණගාටුවට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මේ වන විට තවත් පහර දීමට නියමිත තරුණයන් රැසකගේ ලැයිස්තුවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන බවත් එබැවින් මෙවැනි සාමකාමී අරගලයක නිරත තරුණ පිරිසට ඉදිරියේ දී තවදුරටත් මෙවැනි හිංසන ක්‍රියා වුවහොත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ ආණ්ඩුවක් පැමිණි පසු මෙවැනි කෘර, මෘර්ග මැර දේශපාලන ක්‍රියාත්මක කරන සියලු දෙනාට තරාතිරම නොලබා ඔවුන්ට ගත හැකි සියලුම නීත්‍යානුකූල පියවර ගෙන දැඩි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුවේ බලය උපයෝගී කර ගෙන තමන්ට රිසි සේ ක්‍රියා කිරීමට හැකි බවට පොහොට්ටුවේ සාමාජිකයන් හිතනවා නම් එය වැරදි බවත් තමා දේශපාලන පළිගැනීම් අනුමත නොකරන නමුත් මෙවැනි නීතිවිරෝධි ක්‍රියා කරන සියලු දෙනාට රටේ නීතිය අනුව තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවත් මෙවැනි නිවට ක්‍රියා කිසි දින අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

පොහොට්ටු සෙවනැලි ආණ්ඩුවේ මැර දේශපාලනයේ ප්‍රධානියකු වන කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නගේ මැර ප්‍රහාරයට ලක් ව රෝහල් ගත කර සිටින සමාජ ක්‍රියාකාරී හා නාවික ඉංජිනේරු පියත් නිකේෂල මහතාගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන රෝහලට පැමිණියේය. එහි දි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස