කොළඹ මහ නගර සභාවේ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් හෘද සාක්ෂියට අනුව වැඩ කළ නිසා අයවැය දෙවන වර කියවීම සම්මතකරගත හැකි වූ බව කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් පවසයි.
අයවැය සම්මත කරගැනීමට සහයෝගය ලබාදුන් විපක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ තමන් සතුටු වන බව ද ඇය පෙන්වාදෙයි.
මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂ වූයේ ජනතාව වෙනුවෙන් බව ද කැලී බල්තසාර් අවධාරණය කරයි. අයවැය සර්ව සාධාරණ බවත් විපක්ෂ මන්ත්‍රීවරුන් ද එය දන්නා බවත් පුරපතිනිය ප්‍රකාශ කරයි.
පළමුවර පරාජයට පත්වූ අයවැය යෝජනාවලිය විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් දෙවෙනි වර සම්මත කරගැනීමට ආණ්ඩුව සමත් විය.