අයවැයේ රට හදන උපාය මාර්ගික සැලැස්මක් නෑ… වාචාල කතා කියලා රටම ලැජ්ජාවට පත් කළා…!

November 15, 2026 at 2:07 pm | by emanisa.lk

ලොව පුරා රටවල තානාපතවරුන් පවා පැමිණ සවන් දෙන අයවැය කතාව රටේ සහ ජනතාවගේ ගෞරවය අභිමානය රැකෙන පරිදි සිදුකළ යුතු බව සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ලෝකයේම අවධානය යොමුවන එම වැදගත් අවස්ථාව ගමේ පොල් කොටං හතරක් උඩ වාඩි වී සිදුකරන වාචාල කතාවක් මෙන් පැරණි දේශාපලකයන් කළා යැයි කියන හොරකම් පිළිබඳ සමච්චල් කිරීම කැත බවද ඔහු ප්‍රකාශ කරයි.

රටේ 75%ක් පමණ ධනය උත්පාදනය කරන පෞද්ගලික අංශය රට ඉහළට ඔසවා තබන ආකාරය පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් මෙවර අයවැයෙන් අපේක්ෂා කළද ජනාධිපතිවරයා එම බලපොරොත්තු සුන් කරමින් මඩ අවලාද නඟමින් ලෝකය ඉදිරියේ රට ලැජ්ජාවට පත්කළ බවද දිලිත් ජයවීර අවධාරණය කරයි.

පාර්ලිමේන්තු අමතමින් හෙතෙම මේ බව කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *