අයවැයේ එක ම හොඳ වැඩ කරන ජනතාවට රු. 10 000ක් විතරයි..! – පාඨලී..

November 14, 2023 at 5:26 pm | by emanisa.lk

මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ඊට අදාළ ගිවිසුම් සඳහා ණයහිමියන් සමග අත්සන් කළ යුතු බවත්ඒ කටයුත්ත නොකරන තාක් මේ සියල්ල සිහින පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

“රටේ අර්බුදය හා බලනකොට, ඒ අර්බුදයෙන් ගැලවී යාම සඳහා ප්‍රමාණවත් නොවනවා පමණක් නෙවෙයි, මහජනයා අතිශයින් මුලා කරන සුළුයි. මේ දීලා තියෙන දේ. සතුටු වෙන්න පුළුවන් කාරණාවකට තියෙන්නේ. මේ රටේ වැඩකරන ජනතාවට රු. 10,000 කින් අප්‍රේල් මාසෙ ඉඳන් වැටුප්වලට දීමනාවක් එකතු වීමත්, විශ්‍රාමිකයන්ට රු. 2500 ක් එකතු වීමත් පමණයි. ඒකත් ප්‍රමාණවත් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *