අයවැයෙන් අධ්‍යාපනයට 6%ක් වෙන් කළ යුතුයි…! – අ.වි.ශි.බ.ම.

January 25, 2025 at 11:37 am | by emanisa.lk

අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල ඉතා විශාල වශයෙන් අඩු කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පවසයි.

මේ නිසාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පාසල් පද්ධතිය සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

මෙම අර්බුදය විසඳීමට නම් දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල 6%ක් හෝ ඊට වඩා වැඩි අගයකට නැංවිය යුතු බව මධුෂාන් චන්ද්‍රජිත් අවධාරණය කරයි.

ඉදිරි අයවැය සඳහා සිය යෝජනා අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කරමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *