පාසල් දරුවන් සඳහා අත්‍යවශ්‍ය පොත් හා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට එක් දරුවකුට රු. 6000ක් වෙන් කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
එම ප්‍රතිලාභය ඉතා ඉක්මනින් ලබාදීම ආරම්භ කරන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
අස්වැසුම ලබන පවුල්වල දරුවන්ට මෙන්ම දැනට අස්වැසුම නොලබන, නමුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින පවුල්වල දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම ප්‍රතිලාභය ලබාදෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
මෙම ප්‍රතිලාභය ලබාදීම ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බවත් නියෝජ්‍ය ඇමැති සූරියප්පෙරුම සඳහන් කරයි.