අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්… තවත් කැබිනට් අමාත්‍ය ධුර දෙකක්… ආරක්ෂක විෂයෙත් වෙනසක්…!

June 1, 2025 at 10:41 am | by emanisa.lk

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩි කරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දෙසතිය තුළ සිදු කරනු ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට හෝ රාජ්‍ය අමාත්‍ය මුනිර් මුලෆ්ෆර්ට හෝ කැබිනට් අමාත්‍ය පදවියක් ලැබෙනු ඇතැයි දැනගන්නට තිබේ. මෙතෙක් කැබිනට්ටුවේ මුස්ලිම් ජාතික ඇමැතිවරයකු ඇතුළත් නොවූ බැවින් රජය මෙම තීරණය ගෙන ඇත.

මේ හැරෙන්නට ආරක්ෂක විෂයට අදාළ අමාත්‍යවරයකුට වෙනත් විෂයක් පැවරීමට ඉඩ ඇති බවද සඳහන්ය. මෙයට අමතරව තවත් නව අමාත්‍යවරයකු පත් කිරීමට සැලසුම් කර ඇතත් ඒ ගැන අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අතර තවත් නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ විෂය වෙනසක් සිදු කිරීමටද සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

ජාතික ජනබලවේගය මහ මැතිවරණයේදී ප්‍රකාශ කළ පරිදි කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 25 සීමාවෙහි රඳවා ගනිමින් කැබිනට් සංශෝධනය සිදු කරනු ඇතැයි කියැවෙයි. මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නැගෙනහිර පළාතෙන් අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු පත්වීමට ඉඩ ඇතැයිද කියැවෙයි.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන නිශ්චිත දිනය මෙතෙක් තීන්දු කර නැතත් එය සිදුවන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද තහවුරු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *