අම්බලන්ගොඩ සජබ නගරාධිපති අපේක්ෂක වෙඩි තබා ඝාතනය කරයි…!

December 22, 2025 at 1:01 pm | by emanisa.lk

අම්බලන්ගොඩ නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ වෙළඳ සමාගමකට අයත් ශාඛා කළමනාකරුවෙකු අද (22) පෙරවරු 8.05ට පමණ එම වෙළඳසැල තුළදීම වෙඩි තබා ඝාතනය කර තිබේ.

හිරාන් කෝසල නැමති 47 හැවිරිදි මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභා කණ්ඩායම් නායකයා හා නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟකොට ඇත.

අම්බලන්ගොඩ ගාලු පාර ආසන්නයේ පිහිටි එම වෙළඳසැල තුළ දී ඔහු වෙඩි තබා ඝාතනය කොට ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු බවට මේ වන විට අනාවරණය වී තිබේ.

වෙළෙඳසැල තුළට පැමිණි එක් පුද්ගලයෙකු පිස්තෝලයක් භාවිත කර වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *