2022 වසරේදී ඝාතනය කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගේ ඝාතන නඩුවේ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇති බව වාර්තා වේ.
ප්‍රකාශයට පත් වූ නඩු තීන්දුවට අනුව මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ඔප්පු වී ඇති පිරිස මෙයට වඩා වැඩි විය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී තිබේ.
නිදහස් වූ පිරිස අතරින් තවත් පිරිසකට දඬුවම් හිමි විය යුතු බවත්, යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම සඳහා මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බවත් නඩුව මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගම්පහ මහාධිකරණය හමුවේ කරුණු පෙන්වා දී ඇත.
ඒ අනුව අදාළ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයා විසින් අවශ්‍ය අවසරය ලබා දී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.