අපේ මාළු ඇප් එක නවීකරණයට අයවැයෙන් තව බිලියනයක් දුන්නා…! – නි. ඇමති රත්න ගමගේ

November 23, 2026 at 9:45 am | by emanisa.lk

ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය හඳුන්වා දුන් ජංගම දුරකථන යෙදවුම (App) පුළුල් කර නවීකරණය කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන දහසක් වෙන් කර ඇති බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

ඊයේ (21) පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නූතන සමාජයේ සෑම පුරවැසියෙකුගේම දෛනික ජීවිතය ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණක සහ ටැබ් වැනි ඩිජිටල් උපකරණ සමඟ අනුලංඝනීය ලෙස බැඳී පැවතුණද, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට එවැනි දියුණු තාක්ෂණික මෙවලම් නිසි පරිදි මෙතෙක් ළඟා වී නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ධීවරයින්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් නව තාක්ෂණික යෙදවුමක් හඳුන්වාදීමට පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කරයි.

එම පද්ධතිය තව දුරටත් කාර්යක්ෂම කරමින් ගැඹුරු මුහුදේ පවතින සංවේදී කාලගුණික තොරතුරු සහ සාගර සම්පත් පිළිබඳ දත්ත ධීවරයින් වෙත කඩිනමින් සැපයීම සඳහා මෙවර අයවැය මඟින් රුපියල් බිලියනයක මුදලක් වෙන්කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස