අපේ දක්ෂතා දැකලා රටේම ජනතාව සතුටු වෙනවා… විපක්ෂ නින්දති කුහකයෝ රට වැටෙනකල් බලා ඉන්නවා…! – ඇමති හර්ෂණ නානායක්කාර…

October 9, 2025 at 7:06 pm | by emanisa.lk

පාතාළය සහ කුඩු අල්ලන විට මැදමුලන කලබල වන බවත් ඊට හේතු ඇති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අද පාතාළය ඇල්ලුව ද ඔවුන් ආයුධ පෙන්වීමට ගොස් මරා නොදමන නිසා ඔවුන් පිටුපස සිටින දේශපාලන හස්තයන් හෙළිවෙමින් ඇති බවයි.

ගෙවුණු වසර තුළ වසර පනහක වැඩ තමන් කර ඇති බවත් එම දක්ෂතාව නිසා සතුටට පත්ව සිටින ජනතාව 2029 වසරේ දී තමන්ට තවත් අවුරුදු පහකට බලය ලබා දෙන බවත් හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.

එහෙත් විපක්ෂයේ සිටින්නේ පොල් මල පොළොවේ ගැසුවා සේ විසිරි ගිය මෙලෝ හසරක් නැති පිස්සන් පිරිසක් බවත් ඔවුන් රට වැටෙන තුරු බලා සිටින කුහක නින්දිතයයන් බවත් ඇමතිවරයා සඳහන් කරයි.

අද (09) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *