අපේ ඡන්ද අඩු වුණේ පෝස්ටර් ගැහුවේ නැති නිසායි….! – ඇමති බිමල් රත්නායක….

May 9, 2025 at 11:02 am | by emanisa.lk

ජාතික ජන බලවේගයට මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද අඩු වීමට මූලික හේතුව අපේක්ෂක මුහුණු යොදා පෝස්ටර් නොගැසීම බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සිය පක්ෂ අපේක්ෂකයන් අලුත් අය වීම ද ඇතැම් ස්ථානවල තමන්ට අවාසිදායක ලෙස බලපෑ බවයි.

මාලිමා ජනරැලි පිළිබඳ මිස අපේක්ෂක මුහුණ යොදා පෝස්ටර් ගැසීමක් සිය පක්ෂය සිදුු නොකළ බව ද බිමල් රත්නායක ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්වර්ණවාහිනි වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *