තම නිවසේ හරක් හැටක් පමණ සිටි බවත් උන් සිය මව විසින් බලාකියාගත් බවත් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි.
“මං ගියා වෛද්‍යවරියක් හමුවෙන්න. හක්කේ එක්ස් රේ එකක් ගන්න ඕන කිව්වා. එතුමිය කිව්වා ඔබතුමාගේ හක්ක මාර හයියයි කියලා. මම කිව්වා පොඩි කාලේ ඉඳන් තරුණ වයස පහුවෙනකල්ම කිරි බිව්වා කියලා.
අපේ ගෙදර හරක් හැටක් විතර හිටියා. අම්මා තමයි එවුන් බැලුවේ. අම්මාට බැරි වුණාම අපි උන් ටික වික්කා. උදේ ඉස්කෝලේ යන්න කලින් කිරි බොනවා. ඇවිල්ලත් බොනවා. හවසටත් බොනවා. අපේ ගෙදර එළුවෝ හිටියා. ඌරෝ හිටියා. ගං කුකුල්ලු හිටියා. අපේ තාත්තා හොඳට මස් කනවා. පශු සම්පත් එහෙමම තිබ්බා.”
ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව ප්‍රකාශ කළේ, කිරෙන් පොහොසත් සාරවත් රටක් වෙනුවෙන් මිල්කො කිරි ගොවි අභිමන් උත්සව අවස්ථාව අරලියගහ මන්දිරයේදී ඊයේ (02) අමතමිනි.