අපි BBC ප්‍රවෘත්ති බලලා තීන්දු ගන්නේ නෑ… BBC කිව්වට ඊයෙ වැස්සෙත් නෑ…! – නජිත් ඉන්දික…

December 10, 2025 at 7:48 pm | by emanisa.lk

මාධ්‍ය ආයතනවල කාලගුණ පුවත් අනුව ආණ්ඩුව තීන්දුව නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

“ප්‍රවෘත්ති චැනල්වලට කාලගුණ අනාවැකි කියන්න පුළුවන්. නමුත් එතනදී වෙන්නේ ලෝක කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමයත් එක්ක ලංකවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරනවා. එහි නියෝජිත ආයතනය නවදිල්ලියේ තියෙනවා.

අදාළ පුවත් සියල්ල ඒ හරහා සම්බන්ධීකරණයෙන් තමයි වෙන්නේ. එහෙම නැතිව BBC එකේ ප්‍රවෘත්ති අහලා මෙහේ වැඩකරන්නේ නෑ. ඊයෙයි අදයි මිලි මිටර් 400ක් වැස්සක් වහින බව BBC කීවත් එහෙම වුණේ නෑ.”

නජිත් ඉන්දික මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) දෙරණ නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *