ජාතික ජන බලවේග ආණ්ඩුව සහල් සඳහා රු. 65ක බද්දක් පැනවූයේ යැයි කීම වැරදි බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ එම බද්ද පනවා ඇත්තේ 2023 මැයි 18 වෙනි දින එනම් තම ආණ්ඩුව බලයට පත්වීමට බොහෝ කලකට පෙර බවයි.
2024 සැප්තැම්බර් 14 වෙනි දින ජනාධිපතිවරණය ජයගත් තම ආණ්ඩුව සිදුකළේ එම බද්ද තව දුරටත් අනුමත කිරීම පමණක් බව ද ඔහු ප්‍රකාශ කරයි.
එම බද්ද ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගික ජනතාවට ද සාධාරණයක් කිරීම සඳහා එලෙස පවත්වා ගැනීමට තීරණය කළ බව ද ඇමති වසන්ත සමරසිංහ වැඩි දුරටත් සඳහන් කරයි.
ඊයේ (19) අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.