අපි සමලිංගික ආණ්ඩුවක් නෙමෙයි… නිලධාරීන් කියන්නේ ආණ්ඩුවේ මතය නෙමෙයි..! – නි. ඇමති නාමල් කරුණාරත්න….

October 27, 2025 at 12:20 pm | by emanisa.lk

සමලිංගික කතන්දරයක් තම ආණ්ඩුවේ නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.

“සමලිංගික කතන්දරයක් අපේ ආණ්ඩුවෙ නැහැ. ජනාධිපතිවරයා මහ නායක හිමිවරු බැහැදැකලා රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. විජිත් හේරත් ඇමැතිවරයාත් වගකීම් සහගතව එවැන්නක් නොමැති බව කිව්වා. රටේ ජනතාව අවධානයට ගතයුත්තේ ඒකයි.

කවුරු හරි නිලධාරියෙක් තමන්ගේ අදහසක් ඉදිරිපත් කළාම ඒක ආණ්ඩුවේ මතය ලෙස ගන්න එපා කියලා මම් ඉල්ලීමක් කරනවා.

සමහර අනවබෝධයන් තුළ ආණ්ඩුවට තිබෙන ආකර්ෂණය සමහර අය තුළ නැතිව යන්න පුළුළුන්.
විවිධ පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පත් කරගන්න ආණ්ඩුවත් එක්ක ගැට ගැසුණු අයත් ඉන්නවා.

පොදු අභිමතාර්ථ එක්ක යන මේ ආණ්ඩුව තුළින් තමන්ගේ පෞද්ගලික පරමාර්ථ මුදුන්පත් කරගන්න බැරි වෙනවා කියලා දැනුනම ඒ අය ඈත් වෙන්න පුළුවන්.”

නි. ඇමති නාමල් කරුණාරත්න බව කියා සිටියේ ගන්නෝරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *