අපි රට වටේ යන්න බෝට්ටු සේවයක් ආරම්භ කළා….! – මාලිමා මන්ත්‍රී…

May 10, 2025 at 10:48 am | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් මාතර සිට කොළඹට සහ රට වටා යා හැකි බෝට්ටු සේවයක් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් පවසයි.

“බෝට්ටු සේවයක් ආරම්භ කරල තියෙන්නේ. ඔබට දැන් කොළඹට යන්න, හම්බන්තොටට යන්න. ගාල්ලට යන්න. මුහුද අයින දිගේ යන්න පුළුවන් රට වටේම.

ඊට පස්සේ රට ඇතුළේ හැමිල්ටන් ඇළ, ඊට පස්සේ කට්ටි නැවේ බේරේ වැව. බේරේ වැව තියෙන්නේ නාන්න විතරක් නෙමෙයි, බේරේ වැවෙත් රට තුළ ගමනාගමනයට පහසුකම් හදනවා. ඒ සඳහා යන ඉන්ධන ප්‍රමාණය අඩුයි. එලවළු ටික මාළු ටික රට වටේ බෙදනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *