අපි රට පුනරුදයට රැගෙන යන්නේ බොරුවෙන් සංදර්ශනවලින් නෙමෙයි…! – හරිනි…

October 30, 2024 at 4:05 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට රැගෙන යාම ආරම්භ ක⁣ළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

“අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොහොත එනතුරුයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. අද වෙනකොට මේ රටේ වෙනස් කිරීමේ කාර්යය අපි ආරම්භ කර තිබෙනවා. අපට කිසිම කලබලයක් නෑ. මේ වෙනකොට ඔබලාට පේනවා ඇති සමහර අය කලබල වෙලා එක එක දේවල් කියනවා.

ඒකට කමක් නෑ ඒ අයට වෙන කරන දෙයක් නැති බව අපි දන්නවා. අපි මේ රටේ බලය ලබාගන්න කටයුතු කළේ සැලසුමක් ඇතිවයි. මේ රට හදන්න සැලසුමක් ඇතිවයි ඒ ගැන අපි ජනතාව සමග කතා කළා. ඇති වී තිබෙන ප්‍රශ්න සැලසුම් සහගතයි විසඳන්න ක්‍රමානුකූලව අපි කටයුතු කරනවා.

අපිට කලබලයක් නෑ. සැලසුමක් ඇතුව ක්‍රමානුකූලව අප මේ රට වෙනස් කරනවා. ඒ සඳහා අපට විධායක බලය විතරක් තිබිලා මදි පාර්ලිමේන්තු බලයත් අවශ්‍යයි.”

ජාතික ජන බලවේග ජනහමුවක් කොළඹ දී අමතමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *