අපි මුං ඇටයෙන් රට ස්වයංපෝෂිත කළා… අල තල උඳුත් පස්සට ගියේ නෑ…! – නි. ඇමති නාමල් කරුණාරත්න…

November 27, 2025 at 6:19 pm | by emanisa.lk

මුං ඇටවලින් රට ස්වයංපෝෂිත කොට ඒවා පිටරටින් රැගෙන ඒම නතර කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් අක්කර 20 000ක මුං ඇට වගා කළ බවත් එය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ ආකාරයටම ලොකු ලූනු, අර්තාපල්, කව්පි, තල, උඳු ආදි අස්වනුවලින් ද පෙර වසරවලට වඩා වැඩි අස්වනු ලබා ඇති බවත් ඔහු සඳහන් කරයි.

මෑත ඉතිහාසයේ වැඩිම යල වී අස්වැන්න ලැබුවේ මෙවර බවත් බොරු නම් ගොවි ජනතාවගෙන් අසා දැනගන්නා ලෙසත් නි. ඇමති නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *