අපි පැනලා දුවන දේශපාලන බලවේගයක් නෙමෙයි…! – නාමල්…

September 21, 2024 at 6:19 pm | by emanisa.lk

ඉතා ම කෙටි කලකින් ස්වේච්ඡාවෙන් මැදිහත් වූ විශාල පිරිසක් සමග සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ස්වෙච්ඡාවෙන් මැදිහත්වෙච්ච බොහෝ පිරිසක් නිසා ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා.

අපි කරන්න බැරි ඒවා කියලා නැහැ, අපි බොරු කියලා නැහැ. මහත්තයා ඡන්දය ඉල්ලනවා නම් ඒකට නෝනයි, ළමයි අල්ලගෙන වැඩක් නැහැ.

ඒ වගේම තමයි අපි බයේ පැනලා දුවන දේශපාලන බලවේගයක් නෙමෙයි. පැහැදිලිවම කියන්න ඕන, සමහර බොහෝ දේශපාලඥයන්ට වඩා ජනතාව බුද්ධිමත්”.

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *