ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීම සඳහා ඉතාම සාර්ථක ලෙස කටයුතු කරමින් ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
“පාතාලය සමග ගැටුම් ඇති කරගන්න යන්නේ නෑ. නමුත් අපි ඔවුන්ට බයේ ඉන්නෙත් නෑ. මේ රටේ කුඩු මත්ද්‍රව්‍ය පාතාලවලට එනවා.
හැමෝම කියනවා තවම රටේ කුඩු තියෙනවා, ඕගොල්ලෝ නවත්තලා නෑ කියනවා. අපි කියනවා නැහැ අපි නවත්වනවා. සඳුදත් අල්ලනවා, අඟහරුවාදත් අල්ලනවා, බැරි නම් බදාදත් අල්ලනවා.”
ඇමති හර්ෂණ නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.