අවුරුදු ගණනාවකට පසු අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් විශාලතම මුදල වෙන්කර ඇතැයි අගමැතිනි හරිනි අමරසූරීය පවසයි.
එය රුපියල් බිලියන 7.04ක් බවත් එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.04ක් බව ද ඇය පෙන්වා දෙයි.
සිය ආණ්ඩුවේ පළමු අයවැයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන්කරන බව කිසිදු තැනක සඳහන් නොකළ බවත් අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් ඉල්ලා කල සටනේදී පවා එක්වර එය ඉල්ලා නොසිටි බවත් අග්‍රාමාත්‍ය හරිනි ප්‍රනාන්දු අවධාරණය කළාය.
2025 වසරේ අප කරන ලද ප්‍රධානම උත්සාහය වන්නේ අධ්‍යාපනයේ තීන්දු තීරණ ගැනීම ප්‍රතිපත්ති අනුව සිදු කිරීමයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අද (25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.