අපි දිනලා හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදනවා…! – සාගර කාරියවසම්…

January 14, 2026 at 9:44 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වය මත පදනම් වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

මෙරටට පින්ලන්තයේ හෝ එංගලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නොගැලපෙන බවත් පැවසූ හෙතෙම ලෝකය පිළිගත් අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වාදිය යුතු බවත් අවධාරණය කරයි.

2005-2015 අතර කාලය තුළ ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිපත්ති මගින් රටේ සැම ක්‍ෂේත්‍රයකම විශාල දියුණුවක් ඇතිවූ බවත් සාගර කාරියවසම් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *