පළාත් පාලන මැතිවරණයේ දී, පළාත් පාලන ආයතන 339 න් ආයතන 267 ක බලය ජාතික ජන බලවේගය විසින් හිමි කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.
මැතිවරණයක් යනු ජනතා මතය බවත්, ඡන්ද පවත්වන්නේ විනෝදයට නොවන බවත්, එක පිරිසක් ජයග්‍රහණය කර වෙනත් පිරිසක් බලය පිහිටුවීමේ හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 267 න් ආයතන 120 ක බහුතර බලයක් හිමිව ඇති බව ද, ආයතන 30 ක ජාතික ජන බලවේගයේ හා අනෙකුත් පක්ෂවල මන්ත්‍රී ධුර සංඛ්‍යාව සමාන වී ඇති බව ද, තවත් 117 ක ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද විපක්ෂයේ සියල්ල එකතු කර බැලූ විට ඔවුන්ගේ මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ වැඩිවීමක් තිබෙන බවද ඔහු ප්‍රකාශ පෙන්වා දෙයි.
එලෙස විපක්ෂයට මන්ත්‍රී ධුර වැඩි පළාත් පාලන ආයතන ජයග්‍රහණය කර ඇත්තේ එක කණ්ඩායමක් නොවන බවත්, පළාත් පාලන ආයතනවලට අදාළව විපක්ෂය කියා දෙයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමිනි.