අපි තෙල් දෙන්නේ වරායෙන් බාන මිලටත් වඩා අඩුවෙන්… බාන මිලටම නොදෙන්නේ ජනතාව පීඩාවට පත්වෙන නිසායි…! – නි. ඇමතිනි කෞෂල්‍යා ආරියරත්න…

November 6, 2026 at 11:19 am | by emanisa.lk

ආණ්ඩුව ජනතාවට තෙල් අලෙවි කරන්නේ වරායෙන් ගොඩබාන මිලට අඩුවෙන් බව නි. අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසයි.

ලොව පුරා තෙල් සැපයුම බිඳ වැටී තෙල් මිල ඉහළ යමින් පෝලිම් හැදෙමින් උද්ධමනය ඉහළ යමින් පවතින අවස්ථාවක ලංකාවේ විපක්ෂය කටයුතු කරන්නේ එවැනි තත්ත්වයක් නොමැති ආකාරයට බවට ඇය පෙන්වා දෙයි.

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යෑම රටේ ජංගම ගිණුමට අහිතකර ලෙස බලපාන අතර රට තුළ තෙල් මිල ඉහළ යෑම උද්ධමනය ඉහළ යෑමට බලපාන බවද නි. ඇමතිනිය ප්‍රකාශ කරයි.

එම පීඩනය සම්පූර්ණයෙන් ජනතාව මත නොපටවා දරා ගැනීමට ආණ්ඩුව විශාල මුදලක් යොමු කර සහනාධාරයක් ලබා දෙමින් ඇති බවද ආණ්ඩුව ඇත්තේ ඒ සඳහා බවද කෞෂල්‍යා ආරියරත්න අවධාරණය කරයි.

පසුගියදා (04) පාර්ලිමේන්තුව අමතමින් ඈ මේ බව කීවාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස