අපි ගැහුවේ කාංචනගේ ගිවිසුමම තමයි… කාංචනට වැඩිපුර ඩොලර් දුන් කතා බොරු…! – විජිත…

January 22, 2025 at 5:17 pm | by emanisa.lk

හම්බන්තොට තෙල් පිරිපහදුව පිළිබඳ 2023 වසරේ එවක බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර තැබූ x සටහන අසත්‍යයක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

නව ඉන්ධන පිරිපහදුව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කරන බව කාංචන විජේසේකර ප්‍රකාශ කළ ද සැබවින්ම ආයෝජනය කර ඇත්තේ ඩොලර් බිලියන 3.7ක් බවයි, ඇමතිවරයා ප්‍රකාශ කළේ.

තමන් සතුව කාංචන විජේසේකර අත්සන් කළ ගිවිසුම තිබෙන බවත් එහි පැහැදිලිවම අදාළ ආයෝජන මුදල ඩොලර් බිලියන 3.7ක් යැයි දැක්වෙන බවත් විජිත හේරත් අවධාරණය කරයි.

අද (22) මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *