මෝදර, තොටළඟ, ග්‍රෑන්ඩ්පාස්, මරදාන පැල්පත්වල තමන් ඉතා ම සරල දිවිපෙවෙතක් ගත කළ බව කාන්තාවන් සමගි ජන බලවේග එක්සත් ජාතික ස්වයං රැකියා කාන්තා සංවිධානය ජාතික සංවිධායිකා වසන්ති රත්නායක පවසයි.
එහි දී පැල්පත් වාසි සියලු දෙනා පොදු වැසිකිළි, පොදු ජල කරාම භාවිත කළ බවත් කොක්කක් ගසා නිවසට විදුලිය ගෙන ජල බිල් විදුලි බිල් නොමැතිව ඉතා ම සතුටින් ජීවත් වූ බවත් ඇය පෙන්වා දෙයි.
එහෙත් ආණ්ඩුව බලහත්කාරයෙන් තමන් මහල් නිවාසවලට යවා එම සතුට සැනසුම අහිමි කළ බවටත් දැන් හැම මාසයක් ගාණේ ම විදුලි බිල් ජල බිල් ලැබෙන බවටත් වසන්ති රත්නායක චෝදනා කරයි.
ආණ්ඩුව තමන් කබලෙන් ළිපට ඇද දැමූ බවත් ජනතාවට සහන ලබා දිය නොහැකි නම් ජනාධිපතිවරයා ගෙදර යා යුතු බවයි, ඇය අවධාරණය කළේය.
වහා ම මැතිවරණයක් පවත්වන ලෙසත් මේ ආණ්ඩුව පළවා හැර නව ආණ්ඩුවක් පත්කර ගැනීමට මේ රටේ කාන්තාවන් සූදානම් බවත් වසන්තා රත්නායක වැඩි දුරටත් ප්‍රකාශ කළාය.