සිය ආණ්ඩුව යටතේ කිසිදු හොර මැරකමක් සිදුනොවන බවත් යටින් යන වැඩපිළිවෙළක් නොමැති බවත් අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන පවසයි.
“අපේ ආණ්ඩුව යටතේ කිසිම හොරමැරකමක් වෙන්නෑ, යටින් යන වැඩපිළිවෙළවල් නෑ. යම් දෙයක් තිබුණත් අපි ඒක අපේ මට්ටමින් නවත්තලා තියෙනවා. අපේ ජනාධිපතිතුමාත් ඇමති මණ්ඩලයත් බොහොම පිරිසිදු පාලනයක් තමයි ගෙන යන්නේ.
අපි කිසිම ආගමකටවත් ජාතියකටවත් ළැදි නැහැ. අනවශ්‍ය විදිහට අපි ආගම්වලට බර වෙන්නෑ. හැබැයි අපි ධාර්මිකයි. අපේ රජය තමයි, ධාර්මිකම ඇමතිවරු ඉන්නේ.”
උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.