අපි කවදාවත් රටට බොරු කියලා නෑ… එක බොරුවක් හරි කීවා නම් ඔප්පු කරනු…! – ඇමති වසන්ත සමරසිංහ…

January 15, 2026 at 2:17 pm | by emanisa.lk

තමන් හෝ තම පක්ෂය විපක්ෂයේ සිටියදී කිසිදු අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සිදු කර නොමැති බවත්, හැකි නම් එවැනි එකදු අසත්‍ය ප්‍රකාශයක් හෝ පෙන්වා දෙන ලෙසත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අභියෝග කරයි.

විපක්ෂය විසින් පතුරුවන ලද අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමුඛ පෙළේ අභියෝගයකට ලක්ව ඇති බවත් ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද කිරීමට සිදු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රට තුළ බුද්ධිමය සංවාදයක් ඇති නොවීම අවාසනාවන්ත තත්ත්වයක් බව ද හෙතෙම සඳහන් කරයි.

කථානායක අශෝක රන්වලගේ උපාධිය සම්බන්ධයෙන් බොරු කී බවට එල්ල වන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සිය උපාධිය සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි කිරීම් දැනටමත් සිදු කර ඇති බවත්, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

සියත රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *