2025 පෙබරවාරි මස ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අපි පෙන්නුම් කරලා තියෙනවා ධෛර්යවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව. ආරම්භක වශයෙන් අපේ ප්රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථිකය ස්ථාවර කිරීම. අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගනුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා.
අපි දෙසැම්බරයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වන විට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩීවිම සහ පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාවක් පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා.
දිළිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැයෙන් වැඩි කරනවා.”
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ජාතික ජන බලවේගයේ මංගල මහ මැතිවරණය ප්‍රචාරණ රැලියට තංගල්ලේ දී අද (19) එක්වෙමිනි.